Saturday 23 November 2013

CCTV ගැන දැන ගනිමු

ඔයගොල්ලෝ දන්නවා ඇති CCTV camera එනම් ආරක්ෂක කැමරා පද්ධතියක්  කියන්නේ මොකක්ද කියල. මොකද ඒ තරමටම මේ ආරක්ෂක කැමරා දැන් ප්‍රසිද්ධයි. මේ තියෙන්නේ අපේ රටේ පහුගිය කාලේ CCTV කැමරා පද්ධති වල සටහන් වූ රූපරාමු පෙළක්.





 හොඳයි අපි දැන් දැනගනිමු CCTV කියන්නේ මොකක්ද කියල. මේකේ CCTV කියන කෙටි යෙදුමෙන්  අදහස් වෙන්නේ Closed Circuit Television කියන එකයි. ඒ කියන්නේ සංවෘත පරිපථ රූපවාහිනිය කියන එකයි . මේකට මේ නම ලැබිල තියෙන්නේ අදාල කැමරා කීපයකින් රූපවාහිනී තිර කීපයකට පමණක් රූපරාමු සැපයීම නිසයි. එනම් සාමාන්‍ය රුපවාහිනි සම්පෙෂණය වගේ පිටතට රූපරාමු සම්ප්‍රේෂණය(Broadcast) නොකරන නිසයි. තරමක ඉතිහාසක් ඇති මේ ක්ෂේත්‍රය අද වන විට විශාල දියුණුවක් ලබල තියනවා. අදවන විට ප්‍රධාන CCTV තාක්ෂණ දෙකක් භාවිත වෙනවා 
1. Analog CCTV systems 
2. Digital (Network/IP) CCTV system 

අපි මුලින්ම Analog CCTV systems  ගැන කතා කරමු 

Analog CCTV systems 
අපි දැන් මෙම පද්ධතියක ඇති මුලික දේවල් මොනවාද කියල බලමු. වැඩි විස්තර පස්සේ බලමු

1. කැමරා (Cameras)

2. රූපරාමු පටිගත වන උපකරණය (Video Recorder)


3. රුපවාහිනී තිරය (Monitor)





No comments:

Post a Comment

ඔයගොල්ලන්ගේ අදහස් මොනවද ?