Tuesday 3 December 2013

CCTV කැමරා

CCTV පද්ධතියක ගුණාත්මකභාවය භාවයට ඍජුවම බලපාන එක් අංගයක් තමා කැමරා. ඒක නිසා කැමරා තෝරා ගැනීමේදී ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. අපි දැන් බලමු CCTV කැමරා වර්ග හා ඒවා යොදා ගන්නා ආකාරය

1. Dome Cameras 

මෙම කැමරා බොහෝවිට වහලයේ හෝ සිවිලිමක සවිකෙරේ.බොහෝවිට ගෘගස්ථ කැමරා (indoor cameras) ලෙසින් භාවිත කරන්න පුළුවන්.

2. Bullet cameras

 මෙම කැමරා විශේෂය ඇතුලත (indoor) මෙන්ම  පිටත (outdoor) කැමරා ලෙසද භාවිත කරන්න පුළුවන්  .

3.Box camera


මෙම කැමරා විශේෂය ඇතුලත  (indoor) මෙන්ම  පිටත (outdoor) කැමරා ලෙසද භාවිත කරන්න පුළුවන්. පිටත(outdoor) කැමරාවක් ලෙස භාවිත කරන විට පහත රුපයේ මෙන් ලෝහ ආවරණයක් (Enclosure) යොදා ගන්නවා.


4.Pan,Tilt and Zoom cameras(PTZ camera)

 මෙම කැමරා විශේෂය දුරස්ථව තිරස්(Pan ) අතට හා සිරස් (Tilt) අතට භ්‍රමණය කළහැක අතර ඈතින් ඇති වස්තුන් ලං කරල බලන්නත්  පුළුවන් (Zoom). ඒක නිසා මේ කැමරා වලින් ලොකු පරාසයක් ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම මෙම කැමරා සමහරක් ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වීමේ හැකියාව තියනවා (Auto Pan & Tilt) . මේවා වෙළඳපොළේ තරමක් මිල අධිකයි.

හොඳයි දැන් අපි බලමු කැමරා තෝරා ගැනීමේදී තවත් අවදානය යොමු කලයුතු කාරණා කීපයක්


1. කැමරා කාචය සහ විවරය  (Lens & Aperture)

      CCTV කැමරා කාච භාවිත වන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්
a. කාචයේ නාභි දුර වෙනස් කළහැක කැමරා  (Varifocal lens cameras)
b. කාචයේ නාභි දුර වෙනස් කළ නොහැකි කැමරා ( Fixed focal lens cameras)

 a.කාචයේ නාභි දුර වෙනස් කළහැක කැමරා  (Varifocal lense cameras)

            මෙම කැමරා විශේෂයේ කාචයේ නාභි දුර(Focal length) වෙනස් කීරීම මගින් කැමරාවට හසුවන සීමාව වෙනස් කළ හැක. මෙම කැමරා වල නාභීය දුර වෙනස් කළ හැකි සීමාව දැක්වෙනවා . පහත උදාහරණය මගින් මේක තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ 10mm සිට 135mm දක්වා නාභිදුර වෙනස් කළ හැකි කැමරාවකින් ගත් ඡායාරූප සංසන්දනයක්. මෙම කැමරා විශේෂය මගින් අපට අවශ්‍ය පරාසය වෙනස් කරන්න පුළුවන්. නමුත් අපිට ස්වයන්ක්‍රියව මෙම කාර්ය කරන්න බෑ. මෙම වෙනස්කිරීම කරන්න පුළුවන් කැමරාව මගින් විතරයි .(කැමරාවක නාභිදුර පරාසය f මගින් දැක්වේ )

b. කාචයේ නාභි දුර වෙනස් කළ නොහැකි කැමරා ( Fixed focal lense cameras)

මෙම කැමරා වල කාචයේ නාභිදුර වෙනස් කළ නොහැකි නිසා කැමරාවට හසුවන සීමාව වෙනස් කළ නොහැකිය. නමුත් ඇතැම් කැමරා වල කැමරා කාචය හුවමාරු කිරීමෙන් හසුවන සීමාව වෙනස් කරන්න පුළුවන්. 

කැමරා විවරය (Apature)

කැමරාව තුලට ආලෝකය ඇතුලු වන විවරයේ විශාලත්වය F මගින් දැක්වෙනවා. (උදා - F1.4 , F2.8 ,F5.8 ). මෙම අගය විශාල වන විට විවරයේ විෂ්කම්භය අඩු වනවා.


2. රූපරාමු වල තත්වය (Quality of the picture)

     කැමරා තෝරා ගැනීමේදී රූපරාමු වල තත්ත්ව අනිවාර්යයෙන්ම සැලකිය යුතුය. රූපරාමු වල ගුණාත්මකභාවය මැනිය හැකි සාධක.
a. විහේදන බලය (Resolution)
මෙය තිරස් විභේදන බලය (Horizontal resolution) ලෙසින් සඳහන් වේ. මෙය මනිනු ලබන ඒකකය වනුයේ  TVL (TV lines) ය . මෙහි අගය වැඩිවන විට විභේදන බලය වැඩිවේ. (උදා - 600TVL ,700TVL). මීට අමතරව HD- SDI නම් ඉතා ඉහල විභේදන බලයකින් යුත් (HD) කැමරාද ඇත .

b. කැමරාවේ CCD එක හෝ CMOS සෙන්සරය
ඕනෑම digital කැමරාවක රූප නිපදවන්නේ CCD(Charge couple device) හෝ CMOS sensor එකක් භාවිතයනි.  මෙය නිෂ්පාදකයා අනුව රූපරාමු වල ප්‍රමිතිය වෙනස් වේ (උදා -  Samsung ,Sony ) .මෙහි  විශාලත්වයද සඳහන් කර තිබේ.(උදා - 1/3” ,1/4” ). ඇතැම් කැමරා වල CCD එක වෙනුවට ඇත්තේ CMOS සෙන්සරයකි. 

3.  රාත්‍රියේදී පෙනීම (Night vision)

            රාත්‍රියේදී පෙනීමද ඉතාම වැදගත් වෙනවා . රාත්‍රියේදී දර්ශන ලබාගත හැකි කැමරා වෙළඳපොළේ තිබේ. මින් වඩා ප්‍රචලිත හා මිල අඩු කැමරා විශේෂය වනුයේ IR(Infared) illumination cameras ය. මෙම කැමරා විශේෂයේ IR LED සවි කරලා තියනවා. මෙම IR LED ආලෝකය නොමැති විට ක්‍රියාත්මක වන විදිහට තමා  සකස් කරලා තියෙන්නේ. සාමාන්‍යෙන් IR ආලෝකය පියවි ඇසට සංවේදී නොව්නත් කැමරා වලට සංවේදී වනවා. ඒක නිසා IR LED මගින් සාමාන්‍ය ආලෝකය නැති අවස්ථා වලදී කැමරාවට පෙනීම ලබා දෙනවා.
මීට අමතරව කැමරාවට පිටතින්ද IR LED Lamp සවිකරන්න පුළුවන් . එම IR LED Lamp මගින් ඕනෑම කැමරාවකට රාත්‍රියේදී පෙනීම ලබාදෙන්න පුළුවන්.  මීට අමතරව IR thermal camera නම් තවත් කැමරා විශේෂයක් ඇති අතර එම කැමරා මිල අධිකයි.   
   
IR LED වලින් සමන්විත කැමරාවක් 
IR LED lamp එකක්  


4. ජලයෙන් හා දුවිලි වලින් ආරක්ෂා වීම (IP and Nema value)

කැමරාවේ විස්තර පත්‍රිකාවේ IP හෝ Nema වශයෙන් අගයක් සඳහන් වෙනවා . IP යනුවෙන් හැඳින්වෙන්නේ Ingress protection යන්නයි. පහත වගුව බැලීමෙන් මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්


උදා - IP66  - මෙය සම්පුර්ණයෙන් දුවිලි වලින් ආරක්ෂා කර ඇති අතර ඕනෑම දිශාවකින් එන අති විශාල ජල පහරකට ඔරොත්තු දේ
IP67 - මෙය සම්පුර්ණයෙන් දුවිලි වලින් ආරක්ෂා කර ඇති අතර 1m දක්වා ජලයේ ගිල්විය හැක.


මීට අමතරව Nema නම් මෙවැනිම ප්‍රමිතී නාමකරනයක්ද ඇත

5. සොරසතුරන්ගෙන් ආරක්ෂා කරගත හැකි වීම (Vandal proof)

ජනශුන්‍ය ස්ථාන වල ( උදා - රාත්‍රියේ වසා ඇති වෙළඳසැල් ) සොරසතුරන්ගෙන් ආරක්ෂා කරගත හැකි කැමරා සවිකිරීම වැදගත් වේ . මේ සඳහාම විශේෂිත වූ Vandal proof කැමරා ඇත . මෙම කැමරා ලෝහ හා ඉතා ශක්තිමත් ප්ලාස්ටික් ආවරණ වලින් සමන්විත වේ . විශේෂයෙන්ම කැමරාව අඩු උසකින් සවිකරන විට මෙම කැමරා ඉතා වැදගත් වේ .  

Vandal proof කැමරාවක් 


No comments:

Post a Comment

ඔයගොල්ලන්ගේ අදහස් මොනවද ?