Thursday 12 December 2013

Video Recorder

CCTV පද්දතියක අත්‍යවශ්‍ය උපාංගයක් තමා Video recorder එක. මුලදී මේ සඳහා VHS tape සහිත Analog video recorder භාවිත වූ අතර තාක්ෂණ දියුණුවත් සමග අද වන විට Digital video recorders භාවිත වේ.හොඳයි අපි බලමු Digital video Recorder(DVR) එකක් කියන්නේ මොකක්ද කියල.
DVR එකක Video පටිගත වන්නේ දෘඩ තැටි (Hard disk) තුලය . DVR නිෂ්පාදනය කරණු ලබන්නේ එයට සවි කළ හැකි කැමරා ගණන අනුවයි. (උදා - 4 Channel dvr, 8- channel , 16 channel ,32 channel). එමෙන්ම ප්‍රධාන වශයෙන් DVR වර්ග 2 ක් තිබෙනවා.

1.පරිගණක ආශ්‍රීත DVR ( PC based DVR)
2. ස්වායත්ත DVR (Stand alone DVR)

 ඕනෑම Desktop පරිගණකයක් PC based DVR එකක් බවට පහසුවෙන් පත් කළ හැක.නමුත් පරිගණක ආශ්‍රිත DVR ලංකාවේ එතරම් ජනප්‍රිය නැත. එබැවින් බහුලව භාවිත වන්නේ Stand alone DVR ය.

Stand alone DVR 
Stand alone DVR එකක ඉදිරිපස පෙනුම 



DVR එකක පසුපස පෙනුම සහ සවිකළ හැකි උපාංග
මෙම DVR විවිධ අංග ගණනාවකින් යුක්ත වන අතර පහත දැක්වෙන්නේ ඉන් කීපයකි 
1. Remote viewing - මෙමගින් DVR එකට අන්තර්ජාලය හරහා දුරස්ථව(Remote logging) ඇතුල් විය හැක. එමගින් ලෝකයේ ඕනෑම තැනක ඇති පරිගණකයකින් හෝ smart ජංගම දුරකතනයකින් මෙම DVR එකේ ඇති කැමරා වලින් නැරඹීමට මෙන්ම දුරස්ථව පාලනය කිරීමටද හැක.
2.Motion detection - යමක චලනයක් (motion) අඳුනා ගැනීමේ හැකියාව ඇතැම් DVR වලට තිබේ. එමගින් DVR එක එම  චලනය සිදුවන විට පමණක් රෙකෝඩ් වීමට හෝ අවශ්‍යනම් අනතුරු හැඟවීමේ සංඥාවක් නිකුත් කරන ආකාරයෙන් සැකසිය හැක 
3. Alarm in/Alarm out - DVR එකට පිටතින් sensors මගින් සංඥා ලබාදිය හැකි අතර පිටතින් සංඥා ලබා දෙන උපාංගද සවි කළහැක ( උදා - දොරක් කළ විට අනතුරු හැගවීමේ සංඥාවක් ක්‍රියාත්මක වන ආකාරයට සැකසිය හැක )
4. PTZ camera control  - PTZ වර්ගයේ කැමරා හැසිරවිය හැක.      




    


No comments:

Post a Comment

ඔයගොල්ලන්ගේ අදහස් මොනවද ?