Saturday 2 April 2016

CCTV මොනිටර් සහ කේබල්

CCTV සඳහාම වෙන්වූ monitor ඇති අතර වර්තමානයේ ඇති බොහොමයක් DVR සඳහා පරිගණක මොනිටර භාවිත කළ හැක, මේ සඳහා මුලින් භාවිතා වුයේ CRT වර්ගයේ මොනිටර්ය. නමුත් වර්තමානය වන විට බහුලව භාවිත වන්නේ LCD මොනිටර්ය.
CRT CCTV මොනිටරයක් 



LCD CCTV මොනිටරයක් 


CCTV සඳහා භාවිතා වන  කේබල් 
Analog CCTV සඳහා සාමාන්‍යයෙන් Co-axial කේබල් භාවිත වන අතර Cat 5 හෝ Cat 6 වර්ගයේ කේබල්ද භාවිත කළ හැක. පහසුව සහ අඩු වියදම නිසා දැන් බහුලව Cat 5, 5e හෝ Cat 6 කේබල් භාවිත වේ. Cat 5,6 කේබල් භාවිත කරන විට Video Balun නම් උපාංගයක් භාවිත වේ. මෙමගින් සිදුවන්නේ Cat 5, 5e හෝ 6 කේබලය Co-axial කේබලයක් හා සමාන ගුණාංග සහිත කේබලයක් බවට පත්කර ගැනීමය. මෙම Video Balun Active video Balun සහ Passive Video Balun වශයෙන් Video Balun වර්ග දෙකකි. මෙහි Active Video Balun සඳහා විදුලි බලය සැපයිය යුතු වන අතර Passive Video Balun සඳහා විදුලි බලය සැපයිය යුතු නොවේ.      
       


Co-axial කේබලයක් 


cat කේබලයක් 
Passive Video Balun


CCTV සඳහා භාවිතා වන Connectors සහ Ports

CCTV සඳහා බහුලව භාවිතා වන්නේ BNC Connectors ය. Camera වලින් එන Video එක DVR එකට සම්බන්ධ කිරීමට සහ DVR එක monitor එකට සම්බන්ධ කිරීමට BNC Connectors භාවිත කළ හැකි වේ. මීට අමතරව නවීන DVR වල monitor ඒක සම්බන්ද කිරීම සඳහා  standard VGA ports හා HDMI ports භාවිත කළ හැක.එම ports භාවිතයෙන් සාමාන්‍ය LCD රුපවාහිනියක් වුවද මොනිටරය ලෙස භාවිත කළ හැකි වේ.  

No comments:

Post a Comment

ඔයගොල්ලන්ගේ අදහස් මොනවද ?